Colombo Today Local News

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් හසු වෙයි

බොරැල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිය සඳහන් කළේ පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකර මනූෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු බවයි.

ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අද (02) අත්අඩංගුවට ගෙන තිබුණේය.

එම අපරාධය සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියේ පැදිකරු යතුරුපැදිය ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 22 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

නව කැබිනට් මණ්ඩලය රැස්වීම අද

colombotoday

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

හිට්ලර් ප්‍රකාශය ගැන ආණ්ඩුවේ, රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාර වලට අස්ගිරි අනු නාහිමියෝ ධර්මයෙන් පිළිතුරු දෙති

colombotoday

වැඩිපුර බොරු ගජබින්න ඇද බෑ පිරිසක් ගැන නලීන්ගෙන් හෙළිදරව්වක්

Admin

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

colombotoday