Colombo Today Local News

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

රෙදි වැනීමට නිවසේ කොන්ක්‍රීට් ආවරණය මතට ගොඩවීමට උත්සහ කළ කාන්තාවක ඉන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ, 58 හැවිරිදි මාතර, කැකනදුර ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවක් බවයි සදහන් වන්නේ.

නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක රෙදි වැනීමට නිවසේ වහල වෙනුවට යොදා ඇති කොන්ක්‍රීට් ආවරණය මතට ගොඩවීමට උත්සහ කිරීමේදී පය ලිස්සා පහළට ඇද වැටී මෙම කාන්තාව මිය ගොස් තිබේ.

මිය ගිය කාන්තාවගේ පුත්‍රයා එම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන අතර ඔහුගේ බිරිඳ මෙම අනතුර සිදුවන විට ඔවුන්ගේ දරුවා පන්තියට රැගෙන යාමට නිවසින් පිටත්ව ගොස් සිට ඇතැයි අප වාර්තාකරු පැවසීය.

ලේලිය නැවත පැමිණි අවස්ථාවේ අදාළ කාන්තාව වැටී සිටිනු දැක ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිව ඇය මාතර මහ රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇති බව ය.

නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිට තිබේ.

Related posts

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

පොදු සතුරාට එරෙහිව සෝමවංශ – වීරවංශ දෙබෑයෝ එක මගේදී යළි හමුවෙයි.

colombotoday

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර දෙන ලෙස නියෝගයක්

colombotoday

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin