Colombo Today Local News

කණ්ඩායම් වගකීම චරිත්ට

ශ්‍රී ලංකා 20යි 20 උප නායක චරිත් අසලංකට ශ්‍රී ලංකා – බංග්ලාදේශ 20යි 20 තරගාවලියේ පළමු තරග දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරීමට නියමිත බව වාර්තා වේ.

ඒ වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තරග දෙකක තහනමක් පනවා තිබීම හේතුවෙනි.

ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගියදා කටයුතු කළේ ඇෆ්ගනිස්තාන පිල සමග පැවති 3 වැනි සහ අවසන් 20යි 20 තරගයේදී විනිසුරු ලින්ඩන් හැනිබල් ලබාදුන් තීන්දුවකට විරෝධය පළකිරීම හේතුවෙන්ය.

ඒ අනුව මාර්තු 4 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලියේ පළමු තරග දෙක වනිඳු හසරංගට අහිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවරෙනු ඇති බව වාර්තා වේ.

පළමු තරග දෙක සඳහා වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩසන් කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබේ.

මේ අතර ඇෆ්ගනිස්තාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක වෙනුවට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගාවලියේදී අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට නියමිත බවද වාර්තා වේ.

එම තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය මාර්තු මස 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිතය.

Related posts

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

colombotoday

අන්තවාදී සංවිධාන පිරිවරාගෙන එන්.එම් අමීන් පාස්කුව වෙනුවෙන් කතෝලිකයන්ට සුභ පතයි.

colombotoday

මහින්දගේ අලුත් පක්ෂය එළියට එද්දී ශ්‍රීලනිපය කරන්න යන දේ මෙන්න

colombotoday

ජනපති හා අගමැති සාක්කි දීමට නොපැමිණි හෙයින් පස්වන වතාවටත් සිතාසි

colombotoday

VAT හේතුවෙන් බස් ගාස්තු 25% කින් ඉහලට – අවම ගාස්තුව රු.10 යි

colombotoday