අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් හෙට සිට දින කිහිපයක් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වසා දැමීමට තීරණය කර ඇති බව සදහන් කරයි.
ඒ අනුව හෙට (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත්තේ ග්‍රහලෝකාගාරයේ ප්රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි සදහන් වන්නේ.