Colombo Today Local News

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය නිරීක්ෂනය අදත්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අද (26) දිනයෙත් කණ්ඩායමක් එම රෝහල වෙත යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, දැනට රුධිර කාන්දුකරණය සඳහා පැමිණෙන වකුගඩු රෝගීන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේම පිහිටි කුලියාපිටිය, දඹදෙනිය, පොල්පිතිගම සහ නිකවැරටිය රෝහල් වෙත යොමු කෙරෙන බවයි.

මේ අතර, එම ඒකකයේ ප්‍රතිකාර ලැබූ රොගීන් කිහිපදෙනෙකු මියගොස් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්, විමර්ශන සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කරනු ලැබුවේ ය.

ඊට රුධිර කාන්දුකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හා රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ද ඇතුළත් ය.

රුධිර කාන්දුකරණ ඒකකය මේ වනවිට තාවකාලිකව වසා දමා ඇත්තේ ආරක්ෂිත පියවරක් ලෙසයි.

Related posts

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

colombotoday

අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට දොස්

colombotoday

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

රන්ජන් රාමනායකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉතිහාස ගත වන නඩුවක් වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියයි

colombotoday

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

colombotoday