Colombo Today Local News

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

බහාලුම් පෙට්ටියක් තුළ සැඟවී මැලේසියාවට පළා යෑමට තැත් කිරීමේදී චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වසරකට පසුව එරටින් පිටුවහල් කර තිබේ.

ඔවුන් අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක සැඟවී මෙසේ මැලේසියාවට පළා යාමට තැත් කර තිබුණි.

ඔවුන් 26 හැවිරිදි මදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා නමැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

ඉකුත් 2023 වසරේ ජනවාරි මස 30 වනදා අදාළ පුද්ගලයන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ “මර්ක්ස් යුනිකෝන් ” නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී ඇත්තේ මැලේසියාව බලා පිටත්ව යාමටය.

එහිදී චීන බලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව සැකකරුවන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට පියවර ගත් පසුව, අද අලුයම 05.01ට චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත මොවුන් පැමිණීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ කිරුළපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙනවිත් තිබේ

Related posts

බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කර අලෙවි කළ 6 ක් අත්අඩංගුවට

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

colombotoday

අනුරාධපුර ගුවන් හමුදා කදවුරට පහර දුන් කොටි ත්‍රස්තයන් දෙදෙනට වසර 10ක සිර දඩුවම්…

colombotoday

විජය රජතුමා ලංකාවට පැමිණි බවට කිසිම සාක්ෂියක් නැහැ – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday

ඉදිරියේදී සංචරණ සීමා පැනවීම සෞඛ්‍ය වර්තා අනුව

colombotoday

පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදයේ දෙවැනි දිනය අද…

Admin