Colombo Today Local News

නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ව්‍යාජ ලෙස සකස් කළ ග්‍රීක සංචාරක වීසා භාවිත කරමින් විදෙස්ගත වීමට උත්සාහ කළ ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් එම තරුණයන් දෙදෙනා වව්නියාව සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා අද (23) අලුයම දෝහා බලා පිටත් ව යාමට පැමිණ තිබූ අතර, මඟී ගුවන් සේවා නිෂ්කාශන කටයුතු සඳහා සිය ලියකියවිලි ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් සතු ව තිබූ ග්‍රීක සංචාරක වීසා බලපත්‍ර කූට ලෙස සකස් කර ඇති බවට අනාවරණය වී ඇති බවයි සදහන් වන්නේ.

ඉන්දියාව වෙත ගොස් තැරැව්කරුවකු මඟින් එම වීසා බලපත්‍ර සකස් කර ගෙන ඇති බව ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

එමෙන්ම සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාර දී තිබේ

Related posts

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

Admin

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන්

colombotoday

ගංජා වැවූ මොනරාගල SSP මාට්ටු

Admin

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

colombotoday

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

colombotoday