Colombo Today Local News

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

හියුමන් රයිට්ස් වොච් සංවිධානය මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රමිතීන්වලදී ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කරමින් ඇතැයි අනතුරු අඟවයි.

එසේම ඔවුන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව තවමත් බොහෝදුරට වැරදි පාලනය සහ වගවීමේ ඌණතාවය නිසා ඇති වූ ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින බවයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, සමාජ සාධාරණත්වය සහ අයිතීන් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය අවධානය යොමු කර ඇත්තේ විසම්මුතිය යටපත් කිරීමට සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර අවධානය සීමා කිරීමට බවයි.

අදාළ නිවේදනයෙන් හියුමන් රයිට්ස් වොච්හි නියෝජ්‍ය ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලිගේ ප්‍රකාශය කරන්නේ, රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් – ආපස්සට යමින් පවතින බවයි.

මේ වසර අගදී රට ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම් වනවිට වික්‍රමසිංහ නව මර්දනකාරී නීති මාලාවක් සමග විවේචන යටපත් කිරීමට බලහත්කාරයෙන් පියවර ගෙන ඇති බව හියුමන් රයිට් වොච් සිය වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දේ.

Related posts

2020 විධායක ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද.. ස්ථීරයි ! (Video)

colombotoday

චම්පිකගෙ මෙගා පොලිස් ඇමතිකමෙන් කොටසක් ගලවා ෆොන්සේකාට දෙයි!

colombotoday

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

colombotoday

පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී

Admin

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday