Colombo Today Local News

බ්‍රිතාන්‍ය රජුටත් අභියෝග කරන පිළිකා මාරයා

මේ වනවිට 75 වැනි වියේ පසු වන බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බවට හඳුනාගෙන තිබේ.

මේ වනවිටත් රජුට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති බව බකිංහැම් මාලිගය පැවසයි.

පිළිකාව හඳුනාගෙන ඇත්තේ මෑතකදී රජු වෙනත් රෝගී තත්ත්වයක් සඳහා රෝහල් ප්‍රතිකාර ලබා ගැනීමකදී බවත් බකිංහැම් මාලිගය වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර ඇත.

කෙසේ වෙතත් බකිංහැම් මාලිගය රජුට කුමන ආකාරයක පිළිකාවක් වැළඳී ඇත්දැයි යන්න ප්‍රකාශ කර නැත.

නමුත් රාජ්‍ය රාජකාරි සඳහා රජු සහභාගී වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

රජු සතිපතා අගමැති රිෂි සුනක් හමුවනු ඇති බවත් විදෙස් වාර්තාවල සදහන් කර තිබුනි.

Related posts

“තොරතුරු දෙන්න.. කතා කරන්නම්“ පුරාවිද්‍යා සංහාරය ගැන බුද්ධික පාර්ලිමේන්තුවේ හඩ අවදිකරයි !

colombotoday

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණේ. – සංගම් හදලා බලය ලබා ගන්න පාර කපා ගන්නවා | පූජ්‍ය උලපනේ සුමංගල හිමි

colombotoday

සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කරලා දුන්න මුස්ලිම් ජාතිය දැන් කොන් කරන්න හදනවා. – අගමැති රනිල් කියයි

colombotoday

සැක කටයුතු පුද්ගල මළ සිරුරක් සොයාගනී

colombotoday

කෝටි 5ක මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

Admin