Colombo Today Local News

අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩුවට එල්.කේ. ජගත් ප්‍රියන්කර

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදුකළ දැනුම්දීමක් සිදුකර තිබු අතර එම ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා තෝරාපත් කරගත් බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමිවූ අතර මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාය.

සෙසු සිව්දෙනා ලෙස ප්‍රියංකර ජයරත්න, චින්තක අමල් මායාදුන්න, අරුන්දික ප්‍රනාන්දු සහ අශෝක ප්‍රියන්ත යන අය එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර එල්.කේ ජගත් ප්‍රියංකර මහතා මනාප ඡන්ද 40,527ක් හිමිකරගනිමින් මනාප ලැයිස්තුවේ 6වන ස්ථානයට පත්ව සිට තිබින

ඔහු විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ඒ අනුව සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ජගත් ප්‍රියංකර මහතාට හිමි වේ.

Related posts

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති විරෝධතාවක…

Admin

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday

ජී.එම්.ඕ.ඒ මුදල් පරිහරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා CIDයට පැමිණිල්ලක්

colombotoday

ජූලි පළමුවැනිදා සිට ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න

colombotoday

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

colombotoday

ෆයිසර් එන්නත්හකරණ බලය මුදාවට දීම ගැන ජීඑම්ඕඒ විරෝධය

colombotoday