Colombo Today Local News

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

අස්වැසුම ශුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර දැනට ක්‍රියාත්මක කෙරෙන අස්වැසුම ශුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයට පහත සංශෝධන ඇතුළත් කරේ.

අස්වැසුම් සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය අප්‍රේල් 1 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා ත්, සංක්‍රාන්තික සමාජ කාණ්ඩ (ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආදායම් පහළ වැටී ඇති) සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය ජනවාරි 1 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා දිර්ඝ කිරීම.

දැනට පවත්නා අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය හා සංක්‍රාන්තික සමාජ කාණ්ඩ (ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආදායම් පහළ වැටී ඇති) යන කාණ්ඩ දෙක ඒකාබද්ධ කර පවුල් ලක්ෂ 8ක් සඳහා අවදානමට ලක්වූ කාණ්ඩය ලෙස ජනවාරි 1 වන දා සිට සැලකීම සහ එම පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් ජනවාරි 1 වන දා සිට දෙසැම්බර් 31 දක්වා ගෙවීම.

තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලියකින් පසුව අස්වැසුම පවුල් ලැයිස්තුවට අයත් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී පුද්ගලයන් සහ ආබාධිත පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක් හා වැඩිහිටි පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක් වශයෙන් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික දීමනාවක් ගෙවීම.

දැනට දීමනා ලබන සහ පොරොන්දු ලේඛනවල ලියාපදිංචිව සිටින හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී පුද්ගලයන් සහ ආබාධිත පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක් වැඩිහිටි පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක් වශයෙන් ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර මෙම ගෙවීම අස්වැසුම වැඩසටහනට බාහිර වශයෙන් දිස්ත්‍රික්ක ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීම.

දෙවන වටය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වසරේ පළමු කාර්තුව තුළදී ආරම්භ කර ජූනි මාසය තුළදී අවසන් කර ජූලි මාසයේ සිට ගෙවීම් සිදු කිරීම සහ අතිරේකව සුදුසුකම් ලබන පවුල් ඇතුළත් කිරීම සඳහා උපරිම පවුල් මිලියන 2.4ක් වන ලෙස සුදුසුකම් ලබන මුළු පවුල් ගණන සංශෝධනය කිරීම.

මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

Related posts

“විදෙස් ණය බර දැක්කහම දිවි නසාගන්න හිතෙනව“ – අගමැති

colombotoday

රනිල්ට එලවන විශ්වාසභංගයට එජාප 30කගේ සහය.. අත්සන් ගැනීම කොළඹ පන්සලකින් ඇරඹේ

colombotoday

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday

“විල්පත්තුවට හානියක් නෑ… කපා ඇත්තේ වෙනත් වනයක්“ – ජනපති කියයි

colombotoday

කොළඹ මැනිං වෙළඳපොල ලබන මස දක්වා වැසේ

colombotoday