Colombo Today Local News

කෘතගුණ දැක්වීමේ උතුම් ගුණය සිහි කරන, අස්වැන්න නෙලීමේ උත්සවය අදයි

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සලකමින් ලොව පුරා හින්දු බැතිමතුන් අද (15)දින තෛපොංගල් දිනය මහත් බැතියෙන් සමරනු ලැබේ.

අද දිනය ලොවට කියාපාන්නේ, කෘතගුණ සැලකීමේ ගුණාංගයයි.

දෙමළ දින දර්ශකයට අනුව අවුරුද්දෙ මුල් මාසය හඳන්වන්නේ, ‘තෛ’ යනුවෙනි.

පොංගල් යනු -උදාවීම- අර්ථ ගන්වන පදයයි

ඒ අනුව තෛපොංගල් යනු, නව වසර උදාවීම.

වසරේ පළමු මාසෙ පළමු අස්වැන්න, සූර්යයාට පූජා කොට, පවුලටත් රටටත් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් මේ උත්සවයට එකතු වෙන්නෙ මහත් උනන්දුවක් ඇතිවයි.

හිමිදිරියේ අවදි වන හින්දු බැතිමතුන් ආගමික වතාවත් ඇරඹේ.

අලුත් සහල්, අලුත් උක් ගසක පැණි,එළකිරි යෙදූ කිරිබත්, කහ පිඩක් ද සමග සූර්ය දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍රයකි.

තවද කිරි ඉතිරවීමේ චාරිත්‍රයත් මේ සමගම ඉටු කරන අතර එයින් සංකේතවත් කරන්නේ පවුලේ අනාගත සෞභාග්‍යයි.

සොබාදහම සමග බද්ධ වී පවත්වන පූජෝත්සවවලින් තෛපොංගල් උත්සවයට ලැබෙන්නේ සුවිශේසී ස්ථානයකි.

මේ අතර ජාතික තෛයිපොංගල් උත්සවය ලබන 21 වැනිදා හැටන්හිදී පැවැත්වෙන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ය.

Related posts

නාම යෝජනා දෙන්න බැරි උනේ මහේෂ් සේනානායකගේ කුමන්ත්‍රණයක් නිසා – නාගානන්ද හේතු කියයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

රට යළි විවෘත වන විට ඡන්දය තියන්න පුළුවන්. මැතිවරණ සිතියම හැකිලීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමක්. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday

ජපන් වාහන මිල අඩු වන්නේ මෙහෙමයි

colombotoday

ජාත්‍යන්තර පොලීසිය ලවා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා කුදලාගෙන මෙරටට ගෙනෙන්නැයි ඉල්ලයි

colombotoday