Colombo Today Local News

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

රුපියල් 1500ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලද මැදවච්චිය පොලිසියේ හිටපු සැරයන් එම්.ඩි.සරත් විජයතුංග විත්තිකරු අල්ලස් චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(12)දින නියෝග කර තිබේ.

පැමිණිලිකරුවන්ගේ හා වැටලීම් කළ නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම හේතුවෙන් විත්තිකරු නිදහස් කරන බව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

මැදවච්චිය පොලිසියේ වරෙන්තු ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කර ඇති විත්තිකරු යතුරුපැදියක් නිදහස් කිරීම සඳහා 2012 මාර්තු 6 වැනි දින රුපියල් 1500ක මුදලක් ඉල්ලා ලබා ගැනීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා තිබිණි.

පැමිණිලිකරුගේ ප්‍රකාශය අනුව රුපියල් දහසක අල්ලසක් ඉල්ලා ලබාගත් බවත්, අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනාගේ සාක්ෂිය අනුව රුපියල් 1500ක මුදලක් අත්අඩංගුවට ගත් බවට සාක්ෂි ලබා දී ඇති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සාක්ෂි පරස්පර වීම හේතුවෙන් පළමු චෝදනා දෙකෙන් විත්තිකරු නිදහස් කර තිබේ.

Related posts

බදුර්දීන්ගේ මල්ලී, හොර ඔප්පු හදා මන්නාරමේ මහා ඉඩම් ජාවාරමක !

colombotoday

දිවයින පුරා නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

colombotoday

විමල් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට.. බැදුම්කර විවාදය ගිණියම් වේ (Video)

colombotoday

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

colombotoday

රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්

colombotoday

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin