Colombo Today Local News

මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316ක්

වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.

මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ, යාපනය දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 473ක්ය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 427ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

පසුගිය ඉරිදා සිට ආරම්භ කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසහටන තුළින් පරිශ්‍ර 6865ක් පරීක්ෂා කර ඉන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන 462 ක් සොයා ගෙන තිබේ.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා සඳහන් කරන්නේ, ඉන් 346 අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති අතර 48 දෙනෙකුට නීතිමය පියවර ගෙන ඇති බවයි.

Related posts

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

colombotoday

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday

රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන මණ්ඩලේ නිලධාරීන් මෙන්න

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

Admin

කොළඹ වාරයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් සිටි MSC Messina නෞකාවේ ගින්නක්

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday