Colombo Today Local News

‘යුක්තිය’ මෙහෙයුමේදී තවත් 1,038ක් අල්ලයි

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (4) පෙරවරුවේ පැවසීය.

එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 43ක් පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බවත් එම අමාත්‍යංශය කීය.

හෙරොයින් ග්‍රෑම් 417ක්, අයිස් ග්‍රෑම් 205ක්, ගංජා කිලෝ 2යි ග්‍රෑම් 886ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය සමඟ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පුංචි පහේ හපනා මාතරින්.. දෙවනියා කුළියාපිටියෙන්, වව්නියාවෙන්

colombotoday

බොරතෙල් ආනයන කිරීමේ මාස 7ක කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

colombotoday

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

කෝටි 71ක අල්ලස් චෝදනා.. අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු…

colombotoday

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday