Colombo Today Local News

මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා මරු දකී

පොරවකින් හිසට පහරදි සිය බිරිදගේ 63 හැවිරිදි වැඩිමහල් සොයුරා ඝාතනය කල පුද්ගලයා පොරවද රැගෙන පොලිසියට පැමිණ බාරවු බව හිදෝගම පොලිසිය පවසයි.

මෙසේ පොලිසියට බාරවි ඇත්තේ හිදෝගම පදිංචිව සිටින 49 හැවිරිදි විවාහකයෙකි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හිදෝගම පදිංචිව සිටි පියදාසගේ ජයසේන නැමති 63 හැවිරිදි විවාහකයෙකි.

මියගිය පුද්ගලයාත් සැකකරැත් එකම නිවසේ පදිංචි කරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියයි. සැකකරැ මියගිය අයගේ සොයුරිය සමග විවාහවි ඇති අතර ඇය මැද පෙරදිග රැකියාවක නිරත වන බවද පොලිසිය පවසයි.

මියගිය අය සැකකරුට එම නිවසින් පිටවි යන ලෙසට පැවසිම හේතුවෙන් ඉන් උරණවි සැකකරු විසින් පෙරේදා(02)දින රාත්‍රියේදි නිවස තුලදිම මියගිය අයගේ හිසට පොරෙවෙන් පහරදි ඇති බව පොලිසිය විසින් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණයවි තිබුණි.

පොරෝ පහරින් බරපතල තුවාල ලැබු එම පුද්ගලයා නෙළුබෑව රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදි ඔහු මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

Related posts

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…

colombotoday

එන්නත් නොවිදා කාඩ්පත් ලකුණු කරගත් 4 ක් අත්අඩංගුවට

colombotoday

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Admin

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday

“උතුර, නැගෙනහිර බෞද්ධයන්ට අයිති නෑ.. බුදු පිළිම හැදීම නවතනු” – NGO කේලම් අසා ඇමරිකාව ගොරවයි

colombotoday