Colombo Today Local News

කීරි සම්බා කිලෝ 50,000ක් ආනයනයට අනුමැතිය

ලබන 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය අසීරු බවය.

එහෙත් එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බව ඔහු පැවසීය.

නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ, ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 235 ක මිලකට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර අද (02)දින හෝ හෙට (03)දින කීරි සම්බා සහල් තොගයක් මෙරටට ගෙන එන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

කීරි සම්බා කිලෝග්‍රෑම් 50,000 ක් මේ වනවිට ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

colombotoday

අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

colombotoday

“ජනතාවගේ සෞඛ්‍යට සීනි අගුණයි.. සියලු සීනි නිශ්පාදන සදහා බද්දක් අයකරනවා” සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Admin

සයිටම් ප්‍රධානියා වෙඩි තබාගෙන – පොලිස් පරීක්ෂණයෙන් සුළමුල එලියට

colombotoday