Colombo Today Local News

නව අධ්‍යාපන ලේකම්වරිය ධුරයේ වැඩ අරඹයි

නව අධ්‍යාපන ලේකම් ධුරයට පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (01)දින එම ධුරයේ වැඩ ආරම්භ කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

මීට පෙර වසන්තා පෙරේරා මහත්මිය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධුර හොබවා ඇත.

මේ අතර ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කර ඇත.

Related posts

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

colombotoday

ප්‍රමිත බණ්ඩාර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට

Admin

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday

නිල් බලකායෙන් ගහන්න ආවා.. මං පිස්තෝලේ අරන් දිව්වේ එජාප මන්ත්‍රීලාගේ ආරක්ෂාවටයි – එරාජ් ප්‍රනාන්දු

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday