Colombo Today Local News

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

මෙතක් 15%ක් වූ වැට් බද්ද අද (01)සිට 18% දක්වා ඉහළ යයි.

ඒ අනුව, මෙතෙක් වැට් අය කළ සෑම භාණ්ඩයකම හා සේවාවක මිල අවම වශයෙන් 3% කින් ඉහළ යනු ඇති.

මෙවර වැට් බදු සංශෝධනයේදී මෙතෙක් වැට් අය නොකළ භාණ්ඩ රැසකටද වැට් බදු පනවනු ලැබුවේ ය.

භාණ්ඩ රැසක මිල ඉහළ යෑමට හේතුවන ඩීසල්, පෙට්‍රල් සහ ගෑස් ද ඊට ඇතුළත් ය.

පෙට්‍රල් සහ ඩීසල් මත 18% ක වැට් බද්ද අදාළ වෙද්දී මෙතෙක් ඒ මත අය කළ 7.5% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කෙරිණ.

ඒ අනුව ඩීසල් හා ප්‍රෙටල් මිල මත10.5% ක අලුතින් බදු බරක් එක්වනු ඇති.

මේ අතර ගෑස් සදහා ද වැට් බදු අදාළ කළේ, ඒ මත තිබූ 2.5 %ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරමින් ය.

ඒ අනුව ගැස් මිල 15.5% කින් ඉහළ යාමට නියමිතයි.

මේ අතර අද සිට මත්පැන් මිලද 3% කින් ඉහළ යන බව, ඩී සී එස් එල් සමාගම ප්‍රකාශ කළේ ය.

වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුරකතන ගාස්තු ද ඉහළ යයි.

දුරකතන සමාගම් පැවසුවේ, දැනට පවතින බදුවලට තවත් 3% බදු එක්වන බවයි.

ඒ අනුව, ඇමතුම් සඳහා සෙස් බදු ලෙස 2% ක්, විදුලි සංදේශ බදු 15% ක්, සමාජ ආරක්ෂණ බදු 2.5% ක් සහ වැට් බද්ද 15% ක් ලෙස මුළු බදු ප්‍රතිශතය 38.4%කි.

එම බදු ප්‍රතිශතය වැට් බදු සංශෝධනයත් සමග 42% කට ආසන්න වෙයි.

දුරකතන සමාගම් පෙන්වා දෙන්නේ, අන්තර්ජාල සේවා සඳහා දැනට පවතින 20.3% ක බදු ප්‍රතිශතය 23.5% ක් දක්වා ඉහළ යන බවයි.

දැනට අන්තර්ජාල සේවා සඳහා අයකරන බදු වන්නේ, සෙස් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ වැට් බද්ධයි.

මේ අතර, අද සිට වැඩිවන වැට් බදු හමුවේ රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතකයක් සදහා රුපියල් 18,000ක බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතක ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා සඳහන් කළේ ය.

මේ අතර, ජල බිල්පත් ගාස්තු ද, මේ මාසයේ සිට 3 % කින් වැඩිවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් කළේ, වැට් බදු සංශෝධනයත් සමග 3% අමතර වැට් බද්දක් මේ මස සිට ජල බිලට එක්වන බවයි.

මේ අතර, ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ මහලේකම් එල් රෝහණ පෙරේරා මහතා පැවසුවේ දෙවැනි කිලෝමීටරය සඳහා අයකරන රුපියල් 80 ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමන බවයි.

සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ අද සිට බත් පැකට්ටුවක මිල ද රුපියල් 25 කින් ඉහළ යන බවයි.

Related posts

මහින්දගේ ගමනට මෝදිගේ සූභ පැතුම

colombotoday

ගම්මන්පිල අත්අඩංගුවේ සිට තැබූ ෆේස්බුක් සටහන මෙන්න

colombotoday

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin

පොහොට්ටුවේ නායකයා මහින්දයි – ජී.එල්. කියයි

colombotoday

කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

colombotoday

පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන්නැයි ලිට්‍රො සමාගමට නියෝගයක්

colombotoday