Colombo Today Local News

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ තීරෝද රථ රියදුරකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

බරපතල තුවාල ලබා ඇත්තේ කැස්බෑව පොලිසියට අනුයුක්තව තාවකාලිකව ස්ථාන මාරු ලබා ඉඩම් ගොඩකිරීමේ හා නිරවුල් කිරීමේ කොට්ඨාසයේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකි.

සැකකරුවන් පහර දීමට යොදාගත් යකඩ පොල්ල සහ ඔවුන් පැමිණි තීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.

පහරදීමෙන් තුවාල ලද එම නිලධාරීන් දෙදෙනා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි එක් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇතැයි පොලිස් නිලධාරියකු සඳහන් කරයි.

Related posts

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට එවන්න. | වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.

colombotoday

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin