Colombo Today Local News

දිවයින පුරා කළ මෙහෙයුමේ දී තවත් පුද්ගලයින් 2,296ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,296 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 109 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් 184 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බව පොලීසිය පැවසීය.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 218 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 170ක්, අයිස් ග්‍රෑම් 648ක්, ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 600ක්, මාවා කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 285ක් සහ මත්පෙති 19,507ක් ද සොයා ගෙන තිබේ.

Related posts

සම්පායෝ හෙට වෙනතෙක් රිමාන්ඩ්

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

හිමිනමට පිහි පෙන්වා කඩා වැදුණු තිදෙනෙක් විහාරස්ථානය කොල්ල කාලා

Admin

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin

දුම්රිය හරස් මාර්ගයේ ගිය මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

අවුරුද්දෙන් පස්සේ හිටපු ජනපතිගේ තැන් මාරුවක්

colombotoday