Colombo Today Local News

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව, විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව වාර්තාවෙයි.

වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉන්දියානු ණය ආධාර යටතේ තමිල් නාඩුවෙන් පොත් මුද්‍රණයට කඩදාසි

colombotoday

සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු දිවයිනට

colombotoday

ත්‍රී වීල් ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩුවෙයි

Admin

දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්

colombotoday

බොදු බල සේනා සංවිධානය විසුරුවනවා

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday