Colombo Today Local News

කීරි සම්බා වෙනුවට අලුතින් සහල් වර්ගය මෙට්‍රික්ටොන් 50,000ක් එයි

පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත අදාළ තීරණය ගෙන ඇති අතර ඊට පසුගිය නොවැම්බර් මස 20වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

Related posts

චම්පික සම්බන්ධ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝනා ලත් වැලිකඩ පොලීසියේ හිටපු OICට ඇප

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අල්ලයි

colombotoday

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

colombotoday

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin