Colombo Today Local News

මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිට

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු ද ජනක ධර්මකීර්ති මහතාට පවරා ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා අද දින (18) මිල්කෝ සමාගමේ සභාපති ධුරයේද වැඩ කටයුතු ආරම්භ කළේය.

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ධුරයෙන් ඉල්ලා අස්විය.

Related posts

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

Admin

අමාත්‍යාංශය බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි… ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නෙවේ.

colombotoday

හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ප්‍රදේශ කිහිපයකට දර්ශනය වෙයි

colombotoday

“බොරු සංහිදියාව වෙනුවට සැබෑ සංහිදියාවක්… බොදු බල සේනාව අලුත් ගමනක !

colombotoday