Colombo Today Local News

“මංතීරුව කැඩුවේ පාර පළල් කරන්නයි.. පස්සේ සුපිරි මංතීරුවක් හදනවා” මෙගා පොලිස් අමාත්‍යාංශය

වත්තල මාබෝල කළු ඇල ශරීර සුවතා මං තීරුව කඩා දැමුවේ මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතාගේ අනුමැතිය සහිතව බව සංචාරක ඉඩම් හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ආසන්න ඉඩමක නිවාස දෙසීයක් ඉදිකිරීම සදහා මෙය කඩා ඉවත් කළ බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා මධ්‍යට පවසා ඇත්තේ ඇළ රක්ෂිතයේ පාර පුළුල් කිරීම සදහා ශරීර සුවතා මංතීරුව කඩා ඉවත් කළ බවයි.

ඉදිරි මාස කිහිපය ඇතුළත නවතම ශරීර සුවතා මංතීරුවක් ඉදිකර මහජන ප්‍රයෝජනය සඳහා ලබාදෙන බව ද හෙතෙම කියා සිටී.

එසේ වත්තල ප්‍රදේශයේ ඉදිකර තිබූ ශරීර සුවතා මං තීරුව පෙරේදා (26 දා) රාත්‍රි හදිසියේම කඩා ඉවත් කළේ සංවර්ධන කටයුත්තක්‌ සඳහා බවට ධනුෂ්ක රාමනායක මහතා පැවසුවද, එම මංතීරුව සහිත භූමිය අයත් වන්නේ පෞද්ගලික ආයතනයකට බව අනාවරණය වේ.

Related posts

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

Admin

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

නාවික හමුදාපති පියල් ද සිල්වා අද විශ්‍රාම යයි

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන්.. මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව දෙන්න – මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලයි

Admin

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday