පොතුවිල් පොලිස් වසමේ, ගල් අමුණ ප්රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙක්ව ඝාතනය කර තිබේ.
ඊයේ (17) රාත්රී සිදුකළ එම වෙඩි තැබීමෙන් 46 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්වී ඇත.
පොලීසිය සඳහන් කරන්නේ, 53 හැවිරිදි සැකකරු මෙරට නිෂ්පාදිත තුවක්කුවත් සමග පැමිණ පොලීසියට බාරවූ බවයි.
ඉඩම් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර තුවාලකරු සියඹලාණ්ඩුව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.