Colombo Today Local News

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

රාගම, වල්පොල, කරිටාස් ප්‍රදේශයේ නිවසකට පැමිණ කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

එලෙස තුවාල ලබා ඇත්තේ, 49 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ මව හා එම අවස්ථාවේ එහි සිටි අසල්වැසි නිවසක පදිංචිව සිටි 17හැවිරිදි තරුණයෙකි.

ඊයේ(14) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 49 හැවිරිදි පුද්ගලයා මාළු වෙළෙඳසැලක සේවය කරන්නෙක් බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් සොයා විමර්ශන අරම්භ කර තිබේ.

Related posts

ගුරුකන්ද නාහිමි ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළා. TNA ගොනුකළ නඩුව මැයි 13 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග

colombotoday

නීතිය හා සාමය පවත්වාගෙන යෑම ත්‍රිවිධ හමුදාවට – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

colombotoday

2024 වනතුරු නායකත්වය ගැන කතා එපා ! රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායමට දන්වයි

colombotoday

දුක් මහන්සි වී උපයා ගත් මුදල් වංචා කර, දේපලත් වෙන්දේසි කරා. තවදුරටත් නින්දා කර පහර දෙන්න එපා. | හැටන් නැෂනල් බැංකුවට ආයාචනයක්

colombotoday

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday