Colombo Today Local News

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ.

එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 20ක ණය ආධාරයක් ද ලැබීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල සත්‍යාපනයෙන් පසුව ලෝක බැංකුව මෙම මුදල ලබාදීමට තීරණය කර තිබුණි.

මේ වනවිට ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් 2019 වර්ෂයේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියට සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් ලැබී තිබේ.

තවත් ඩොලර් මිලියන 20ක් පමණ ණය ආධාර ලබා ගැනීම සඳහා ලබන ජුනි 30 දක්වා කාලය ලබා දී ඇති බවයි.

Related posts

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

colombotoday

ආණ්ඩුව ගැන මහ විරෝධයක්, අවිශ්වාසයක් ගොඩනැගිලා.. මේ මොන සංහිදියාවක්ද – රතන හිමිටත් යහපාලනය තිත්ත වෙයි

colombotoday

බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනී

Admin

ඥානසාර හිමිට නිදහස පතා අද සවස 2ට කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක්

colombotoday