Colombo Today Local News

නොරොච්චෝලේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය තුළ ජාතික පද්ධතියට

නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ, තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කර ඇති බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ පළවන ජනන යන්ත්‍රය අක්‍රිය වුණේ රට පුරා විදුලිය විසන්ධි වීමත් සමගයි.

මේ අතර නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වනවිට පවතින්නේ, අක්‍රීයවයි.

පසුගිය 12 වැනි දා දෛනික ජල විදුලි නිෂ්පාදනය 60% කි.

තාප බලයෙන් 21%ක දෛනික විදුලි නිෂ්පාදනයක් ද සිදු කර ඇත.

Related posts

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

බිබිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ජීව අත්බෝම්බ ඇතුළු උපකරණ අත්අඩංගුවට

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

දකුණේ පාසල් 6ක් හෙට විවෘත වෙන්නේ නෑ

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදාහරී

colombotoday

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday