මාතලේ – හුලංගමුව ප්රදේශයේදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කළ පුද්ගලයින් අවුරුදු 30ත් 61ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් බවයි සඳහන් වේ.
මියගිය පුද්ගලයෙකුගේ භූමදාන කටයුත්තක් සඳහා ගම්වාසීන් එක්ව සුසාන භූමිය සුද්ධ පවිත්ර කරමින් සිටියදී ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එහි රැඳී සිටි පුද්ගලයන් හට බඹරුන් දෂ්ඨ කර ඇත.
පසුව සියලුදෙනාව රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලයන් 06 දෙනෙකු ප්රතිකාර අවසන් කර රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙයි.