Colombo Today Local News

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

ජනාධිපතිවරයා සමග සජිත් ප්‍රේමදාස එකතු වෙන්නේ නැතැයි කියන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ නැතැයි කීම එක්සත් ජාතික පක්ෂයට ද විශාල සහනයක් බව කී මහලේකම්වරයා සජිත් නැතිවීම යනු එජාපයේ හූනියම අවසන් වීම බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ සබඳතා පවත්වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සජිත් ගේ නොපැමිණීම බාධාවක් නොවනු ඇතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

රනිල් – සජිත් කිසි දිනක එකතු නොවෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අතර ඊට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම්වරයා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

Related posts

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

colombotoday

ඉදිරියේදී විදුලි කප්පාදුවක් නැහැ…

colombotoday

නැවත සංශෝධනය වූ සිංහල අවුරුදු නැකත්

Admin

රජයේ වියදම කෝටි 76000 කින් අඩු කරයි… 2017 අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday

හමුදා තරුණිය පෙමට පිටුපෑ තරුණයා උස්සලා

Admin