Colombo Today Local News

කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් අද සිට බස් ධාවනය සීමා කෙරේ..

කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් අද (11)දිනයේ සිට සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, හාලිඇල, උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට එම මාර්ගයේ බර වාහන ධාවනය ද සීමා කර ඇති බවයි.

ඊට විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය – මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කළ හැකි ය.

කෙසේ වෙතත් බණ්ඩාරවෙල සිට සැහැල්ලු වාහන සඳහා පමණක් එම මාර්ගය විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .

මේ අතර, බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකයි.

Related posts

හිටපු මන්ත්‍රීන් 50කුත් සමග අගමැති මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී…

colombotoday

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday

ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න

Admin

ඇමැතිකමෙන් රන්ජන් දොට්ට! – පෙර පරිදිම හැසිරුණොත් පක්‍ෂ සාමාජිකත්වයෙනුත් ඉවතට

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday