Colombo Today Local News

සජිත් සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට එයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගිවීම පාර්ලිමේන්තුවේ අද (7)දින සිදුවූ විශේෂ සිදුවීමක් විය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ, ලෝකයට මැදපෙරදිගට සාමය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම සාටකය පැළඳ පැමිණි බවයි.

විපක්ෂනායකවරයා එහිදී මෙසේද පැවසීය.

දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අපි ප්‍රතික්ෂේප කරනවා. මවුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරනවා. ලෝක සාමය ඇතිවුණොත් තමයි ලෝක ස්ථාවරත්වය ඇතිවෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.

Related posts

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

අලුත්ගම සිංහල – මුස්ලිම් ගැටුමට මුල්වූ දේශපාලකයා දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් – පියල් නිශාන්ත

colombotoday

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

කෙහෙළිය එළියට

Admin

ජපන් ආයෝජකයන් හමුවූ ගෝඨාභයගෙන් රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

Admin