Colombo Today Local News

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (7) උදෑසන යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ස්ථාන 12කදී පස්කදු ගල්පර්වත ඊයේ (6) පස්වරුවේ කඩා වැටී තිබූ බවද වාර්තා විය.

අධික මීදුම ශීතල වර්ෂාවත් මධ්‍යයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පීන් ,දුම්රිය සේවකයන් දියතලාව යුදහමුදා කදවුරේ රයිෆල් බලකායේ භටයන් එක්වී මහත් වෙහෙසක් දරමින් දුම්රිය මාර්ගය ට කඩා වැටී තිබූ පස්කදු ගල්පර්වත ඉවත් කර අද (7) උදෑසන වන විට බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කල බබවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

colombotoday

ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්ඩුවේ අවසානය එයයි – අධිනීතීඥ ගෝමින් දයාසිරි

colombotoday

හලාවත ඛේදවාචකය..

Admin

චීනයෙන් එන මගීන් වෙනම පර්යන්තයකින් රට ඇතුළට… කොරෝනා ට එරෙහිව ජාතික ක්‍රියාකාරී කමිටුව රැස්වෙයි…

colombotoday

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ජනක රත්නායක – සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

Admin