Colombo Today Local News

කඩුගන්නාව ප්‍රා. රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ රංජිත් අබේරත්න නමැති අයෙකි.

මෙලෙස කඩාවැටී ඇති පැරණි බැම්ම ඉවත්කර නව බැම්මක් ඉදිකරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී අද දහවල් 12ට පමණ පැරණි තාප්පය කඩාවැටී ඇති අතර මෙම පුද්ගලයා බැම්ම සමග කඩාවැටුණු පස් කන්දකට යටවී තිබේ.

කෙසේ වෙතත් කඩිනමින් එහි සිටි පිරිස රෝහල් සේවකයින්ගේ සහාය ඇතුව පස් කන්දට යටවූ පුද්ගලයා රෝහල්ගත කිරීමට පියවර ගත්තද ඔහු ඒ වනවිටත් මියගොස් සිට ඇත.

Related posts

බැදුම්කරේ මුදල් යොදාගන සිංහලයන්ගේ ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් – බොදු බලෙන් හෙට හෙළිදරව්වක්

colombotoday

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවේ

colombotoday

පාතාල නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday

ගෝඨාභයට එරෙහිව ශ්‍රීලංකා රජය ඇමරිකාවේ චෝදනා ගොණුකරයි…!

colombotoday

ගෝඨාභයගේ 2020 ප්‍රතිපත්ති ප්‍රකාශය සූදානම් !

colombotoday