Colombo Today Local News

තේ දළු වල B-60 ප්‍රතිපත්තිය ජනවාරියේ සිට අනිවාර්යයි

මෙරට නිෂ්පාදිත තේ වල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 සිට අනිවාර්යය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ කර්මාන්තය සම්බන්ධ සියලු අංශවලට අද (06)දින උපදෙස් දී තිබේ.

B-60 ප්‍රතිපත්තිය යනු තේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දළු වලින් අඩු තරමින් සියයට 60ක්වත් ඉහල ගුණාත්මක භාවයෙන් යුක්ත විය යුතුය යන්නයි.

තේ කර්මාන්තයට අයත් සියලු අංශ වල නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම සාකච්ඡාවට තේ සංවර්ධන අධිකාරිය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණායතනය, තේ සැපයුම්කරුවන්ගේ සංගමය හා තේ කර්මාන්තකරුවන්ගේ සංගමය ඇතුළු සියලු අංශ සාමාජිකයන් සහභාගී විය.

Related posts

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin

ආණ්ඩුව බෑ කියූ දේ සරත් වීරසේකර කර පෙන්වයි.. “රණවිරු විත්ති වාචකයට“ ජිනීවා කවුන්සිලයෙන් කොළ එළි !

colombotoday