Colombo Today Local News

සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටෙයි

අලුත්ගම සිට කොළඹ බලා යන දුම්රියක වස්කඩුව කොස්ගස්හන්දියේදී සංචාරකයින් රැගත් බස් රථයක ගැටී තිබේ.

චෙක් රාජ්‍ය බලා පිටත් වීමට නියමිත ගාලු පාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන් කළ බස් රථයක සිටි සංචාරකයින් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වේ.

අනතුරින්, සංචාරකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දුම්රිය රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සිද්ධියෙන් දුම්රියට හා බස් රථයට දැඩි හානි සිදුව ඇත.

මේ හේතුවෙන් අලුත්ගම සිට කොළඹ බලා ගිය මෙම දුම්රිය පමණක් අවලංගු වූ බව දුම්රිය පාලක මැදිය පැවසීය.

ඔහු පැවසුවේ, අනෙකුත් දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

Related posts

ගිනි ගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ට නොතීසි – නව සමාගම යටතේ කපිතාන්වරයා යෙදුණු මංගල ගමනත් මෙය බව හෙළිවෙයි

colombotoday

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

Admin

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට..

colombotoday