විදුලි බලය කඩින් කඩ අවම වශයෙන් දිනකට පැයක පමණ කාලයක් අත්හිටුවන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට විශේෂඥ උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.
පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඇණ හිට තිබීම මීට හේතුවයි.රටේම පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීමට නම් මෙසේ කිරීම අනිවාර්ය වනු ඇති බව දන්වා ඇත.
මේ වන විට වායු සමීකරණ, විදුලි පංකා, ශ‍්‍රීතකරණ ආදිය භාවිතය වැඩිවීම නිසා විදුලි ඉල්ලමුද අධිකර ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වය මත රජය විසින් කඩිනමින් ඞීසල් විදුලි උත්පාදන යන්ත‍්‍ර කිහිපයක් ආනයනය කිරීමටද තීරණය කර ඇත.
මේ වන විට විදුලි බලය නිපදවීම සදහා යොදාගන්නා ජලාශවල ජල ධාරිතාවයද පවතින්නේ අවම මට්ටමේය