Colombo Today Local News

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට එයි – උසස් පෙළ අවුරුදු 17 දී

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අද (22)දින පාලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවයි.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට නියමිත අතර, උසස් පෙළ විභාගය සඳහා දරුවෙක් අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපි යෝජනා කරලා තියෙනවා Pre Primary එක පටන් ගන්න. වයස අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙරපාසල් ගත කරන්නම ඔ්නේ. කාටහරි එහෙම නොමිලේ යවා ගන්න බැරි නම් අපි හඳුන්වා දෙන ක්‍රමය තුළ අපි ඒ අයට ආසන්නම පාසලක ඕන තරම් ඉඩ තියෙනවා. ළමයි 200ට අඩු පාසල් 4,000ක් තියෙනවා. ළමුන් 100ට අඩු පාසල් 2,900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ Pre Primary එක කරන්න අපිට ඉඩදෙන්න පුළුවන්. මේ වනවිට ඒ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය හදලා ඉවරයි. ඒ අයගේ ඇකඩමික් කවුන්සිල් එකට දාලා අනුමත කරලා ගේනවා. පළාත් මට්ටමට භාරදීලා ඒ හරහා පෙරපාසල් දැනට ඉන්න පාලිකාවන් පුහුණු කරනවා. අලුතින් එන අයව පුහුණු කරනවා. ඒ අයට සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා හඳුන්වා දෙනවා. ඒ අයට යම් කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරන්න. ඒක හඳුන්වාදීමත් එක්ක තමා දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ 10ට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4 ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු 15න් සාමාන්‍ය පෙළ ලියනවා. 17 දී උසස් පෙළ ලියනවා. එතකොට වයස්ගත වීම අඩුවෙනවා.”

Related posts

” පළිබෝධනාශක තහනම ඉවත් කළ ගැසට් නිවේදනය බල රහිත කරනවා “

colombotoday

ආර්ථික විශේෂඥයෝ කියන අය රට භාරව හිටියත් යහපාලන කාලයේ රට හොඳටම වැටුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday

කොකේන් තියා මල් පැකට් එකක්වත් ගන්න සල්ලි නෑ. ඒකත් දැන් දෙදාහයි – එජාප මංත්‍රී තුෂාර ඉඳුනිල්

colombotoday

අට වැනිදා තීරණාත්මකයි… ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග තවත් පිරිසක් විපක්ෂයට… ආණ්ඩුවේ ගමන නිමයි?

colombotoday

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday