Colombo Today Local News

හම්බන්තොටටත් පැල ලක්ෂයක පොල් ත්‍රිකෝණයක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව රන්න, වීරකැටිය හා වලස්මුල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

ගොවීන්ට ගෙවතුවල රෝපණය සඳහා එක් නිවසකට පැල 5ක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

දෛනික සමස්ත පොල් පරිභෝජනය ගෙඩි මිලියන 4.5ක් පමණ වුවද, දෛනික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3ක් පමණ වේ.

මේ හේතුවෙන් ඉඩකඩ ඇති සෑම ගෙවත්තකම වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

Related posts

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin

ගවයන් අතරත් පැතිර යන නව වෛරස් රෝගයක්

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday