Colombo Today Local News

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

යෝජිත නව විදුලිබල පනත එළඹෙන සදුදා දින (20)දින කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ නිළධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම, කැබිනට් මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පත, තාක්ෂණික අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාකච්ඡාවල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් ලැබෙන සහය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

එමෙන්ම නව පනතේ යෝජනා කරන සැකසුම් රාමුව පිළිබඳව මෙන්ම විදුලිබල ක්ෂෙත්‍රයේ ආයෝජන අවස්ථා වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය නීති සකස් කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරට යයි. දමිළ ජනතාව ඥානසාර හිමි පිළිගනී

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති හලීම්, තව්හිද් ජමාත් අන්තවාදී පල්ලි 400කට අවසර දීලා…

colombotoday

පි.බි.ජයසුන්දරගෙන් උපදෙස් ගැනීම ජනපතිගේ විනාශයට මුලක්

colombotoday

ජනපති මැදුරට හා අරලියගහ මැදුරට ඇතුළු වූ 2ක් අත්අඩංගුවට

colombotoday