Colombo Today Sports News

2023 “Hall of Fame” විශේෂ ගෞරව නාමය අරවින්දට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට පිරිනැමීම සිදුකර තිබේ.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදීය.

අරවින්දට අමතරව 2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජි ට ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

පසුගිය 13 වනදා 2023 “Hall of Fame” යන විශේෂ ගෞරවය ඔවුන්ට පිරිනැමීමට තීරණය කර ඇති බව නිවේදනය කළේය.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Related posts

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටන අද

Admin

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

Admin

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 3 වැනිදා දිවයිනට

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday

ටෝකියෝ ඔලිම්පික් වරම ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

colombotoday