Colombo Today Local News

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

privet bus gamunu

යෝජිත වැට්‌ බද්ද වැඩි වීම රජය ක්‍රියාත්මක කළොත් අනිවාර්යයෙන්ම බස්‌ ගාස්‌තුවේ වැඩිවීමක්‌ සිදුවන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පැවැසීය.

මේ වන විට සියයට එකොළහක්‌ව පවතින වැට්‌ බද්ද ඉදිරියේදී සියයට පහළොව දක්‌වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවත් එය ක්‍රියාත්මක වුවහොත් ඊට සාපේක්‍ෂව බස්‌ ගාස්‌තු ද වැඩි වීම සිදුවන බවත් විඡේරත්න මහතා කීය.

මේ වන විට ඩොලරයේ අගය රු.147 දක්‌වා ඉහළ ගොස්‌ ඇති නිසා බස්‌රථ අමතර කොටස්‌ මිල ඉහළ ගොස්‌ ඇතැයි ඔහු කීය.

එවැනි වාතාවරණයක්‌ මත වැට්‌ බදු වැඩි කරනු ලැබුවහොත් බස්‌ කර්මාන්තය පවත්වාගෙන යැමට බස්‌ ගාස්‌තු වැඩිකිරීම හැර වෙනත් විකල්පයක්‌ බස්‌ හිමියන්ට නැතැයිද ඔහු පැවැසීය.

Related posts

දින 6කට ඇතිවෙන්න ගෑස් අරන් නැවක් කොළඹට

colombotoday

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday

මුජුබර් රහුමාන් ළඟ තියාගෙන හෙළඋරුමයෙන් ගෝඨාභයට දැඩි ප්‍රහාරයක්

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin

මීගමුව බන්ධනාගාර නිලධාරිනියන් විදේශීය රැදවියන් දෙදෙනෙකුගේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකයි

colombotoday