Colombo Today Local News

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් දොඹකරයක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිදිරි පුද්ගලයෙකි.

ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තකට යොදා තිබූ දොඹකරයක පටවා තිබූ යකඩ බාල්ක කොටසක් රථයෙන් පිටතට යොදා තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී අඹුසැමි යුවලක් යතුරුපැදියේ ගමන් කර ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලබා ඔවුන්ව රෝහල් ගත කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ.

අනතුරට අදාළව දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

colombotoday

ඩොලර් නිකුත් නොකිරීමෙන් වරායේ සිරවී ඇති කිරිපිටි ප‍්‍රතිඅපනයනයට සැරසෙති

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

colombotoday

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday