Colombo Today Local News

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14)දින ආරම්භ කෙරේ.

දෙවැනි වර කියැවීමේ විවාදය ලබන 21වැනිදා දක්වා දින හතක් (ඉරිදා හැර) එක දිගට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ලබන 21 වැනිදා සවස 6.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 22 වැනිදා බදාදා සිට ලබන මස 13 වැනිදා බදාදා දක්වා ( ඉරිදා දින හැර) දින 19ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ලබන වසර (2024) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (13)දින ඉදිරිපත් කළේය.

Related posts

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

පළාත් සභා ඡන්ද පවත්වා බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා. | බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

colombotoday

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟ හැරි රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Admin

කොළඹ තවත් පොලිස් බලප්‍රදේශ 05ක් හුදෙකලා කරයි

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday