Colombo Today Local News

ලක්ෂ 100ක අල්ලසක් ගන්න ගිය පරිසර අධිකාරියේ හිටපු සභාපතිට අධිකරණය දුන් නියෝගය

ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද(13)දින නියෝග කර තිබේ.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ, රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමටයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

Related posts

22 ප්‍රතිඵල දෙන්න වෙන්නේ නෑ

Admin

කොරෝනා මර්දනයට චීනයෙන් දුන් මුදල්වලට වුණ දේ ආණ්ඩුව රටට කිව යුතුයි

colombotoday

“මාධ්‍ය කරපිටින් බළයට ආපු ආණ්ඩුව අද මාධ්‍යයට පෙරළගෙනම ගහනවා“ – හිටපු ජනපති

colombotoday

සියලු පුරවැසියන් එන්නත ලබා ගන්නා තුරු සිටින බව පැවසූ විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී

colombotoday

රෙදි ඇදගෙන රනිල්ට විරුද්ධ ඡන්දෙ දෙන්න බෑ – විශ්වාසභංගයෙන් පසු දුමින්ද එජාපයට ?

colombotoday

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday