World

හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර

ගාසා තීරයේ දරුණුවට සිදුවන හමාස් – ඊශ්‍රායල් ගැටුම් මේ වනවිට ලොව විවිධ රටවලට පැතිර යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එහි ආසන්නතම සිදුවීම අද (10)දින කැනඩාවේ මොන්ට්‍රියල් නගරයෙන් වාර්තා විය.

එම ප්‍රදේශයේ පිහිටි යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් කිසිවෙක් හෝ තුවාල ලබා නොතිබුණු බව සඳහන් ය.

සතිය ආරම්භයේ මොන්ට්‍රියල් නගරයේ පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් විසිකර තිබුණි.

එසේම නගරයේ පිහිටි කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේදී පලස්තීනයට ළැඳි කණ්ඩායම් සහ ඊශ්‍රායලයට ළැඳි කණ්ඩායම් අතර ගැටුම් ඇතිවි තිබුණි.

Related posts

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට ගිය උතුරු කොරියාවේ සුවිශාල මිසයිලය එළිදකි.

colombotoday

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

එක්සත් රාජධානිය සමග රටවල් රැසකින් සංචාරක තහනමකක්.

colombotoday

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්

Admin