Colombo Today Local News

“හොඳින් ඉවර කරගන්න බැරි වුණා. මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.” – පරාජය ගැන කුසල් කියයි

කණ්ඩායමක් ලෙස උපරිමයෙන් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස තරග පරාජය වූ බව දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ ගැන දැඩි කනගාටුවක් ඇති බවයි.

“තරගාවලිය ගැන ඇත්තටම ටිකක් කනගාටුයි. හොඳින් ඉවර කරගන්න බැරි වුණා. ඒ ඇරෙන්න මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.”

“අපි පටන් ගනිද්දි හොඳට පටන් ගත්තා. මැච් පරදිනකොට අපි බැලුවා මොකක්ද කරන්න පුළුවන් කියලා. කණ්ඩායමක් විදියට පුළුවන් උපරිමය කරන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ.”

“කණ්ඩායමේ එකමුතුකමක් තිබුණේ නැහැ කියන එක ගැන මම ගොඩක් හිතන්නේ නැහැ. හැමෝම බැලුවේ තරගය දිනන්න තමයි.”

“කණ්ඩායමෙන් මට ගොඩක් ලොකු සහායක් ලැබුණා. තරග දිනන පරදින එක අපිට පාලනය කරන්න අමාරුයි. ඉදිරි තරගාවලි බලලා ඒ විදියට සැලසුම් හදන්න ඕනේ.”

Related posts

අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ බිත්තර වල ප්‍රමිතිය ගැන සහතිකයක් දෙන්නේ කොහොමද?

Admin

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

කොටගල වෙළෙඳසැල් 3ක් ගිනි බත් වෙයි

Admin

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

colombotoday

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday