Colombo Today Local News

ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරියක් පත් කෙරේ…

ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර තිබේ.

අධිකාරියේ ජ්‍යේෂ්ඨ රාසායන විද්‍යාඥ ඩී.ඩී බුලත්සිංහල මහත්මිය පත් කළ බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම පත් කිරීම සිදු කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා ස්ථිර පත්කිරීමක් සිදු කරන බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පෙරේදා එම තනතුරෙන් ඉවත් කෙරිණ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, ප්‍රධාන විධයක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල වීමෙන් පසුව එහි සභාපතිවරයා පසුගියදා ඉවත් කළ අතර එහි නව සභාපතිවරයා ලෙස පත් කෙරණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි.

කෙසේ වෙතත් ඉන් අනතුරුවද ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා ආයතනයේ සංවේදී තොරතුරු ඇතුළත් ලියකියවිලි රැසක් විනාශ කළ බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා එල්ල කළේ ය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර තිබේ.

Related posts

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

ක්‍රිකට් නිලවරණයෙන් නිශාන්ත රණතුංග පරදා තිලංග දිනන ලකුණු

colombotoday

පන්නන්න ගිය කෝටියක යූරෝ රේගුවේදී මාට්ටු

colombotoday

බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

colombotoday

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday

කොටින්ට රැකවරණ දී හසුවූ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශනයෙන් ප්‍රශ්න කරයි.. කැෆේ කිපේ

colombotoday