World

ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයි

ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටි හි දකුණු වෙරළ තීරය දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති අතර ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසන්නේ ගාසා තීරය උතුර සහ දකුණ ලෙස වෙන්කර ඇති බවයි.

සටන් දරුණු වන අවස්ථාවක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් තුර්කියේ සංචාරයක් ආරම්භ කළේය.

මානුෂීය සටන් විරාමයක් සඳහා හමාස් සහ ඊශ්‍රායලය එකඟ කරවා ගැනීම ඔහුගේ අරමුණයි.

නමුත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ මේ අවස්ථාවේ ඔවුන් සටන් නැවතුමක් සඳහා එකඟ නොවන බවයි.

Related posts

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයි

colombotoday

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

මියන්මාර හමුදා ජුන්ටාව විරෝධතා මධ්‍යයේ ඇඳිරි නීතිය පනවයි. | හමුදා ප්‍රධානියා ජාතියත් අමතයි.

colombotoday

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday